අතීතය පුනරාවර්ථනය වෙම්න් අඳුරු සෙවනැලි වැටෙමින් පවතී.

ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමය යනු ශ්‍රී ලාංකීය ජන සමාජයේ උරුමයක් හා ස්වයංපෝශිත ඥානයකි එය යටත්විජිත සමයේ සිට නිදහස දක්වා විවිධ බලපෑම් ඔස්සේ ක්ෂය වෙමින් පැමින ඇත. එසේ වුවද මෙහි ඇති වටිනාකම හොඳින් දන්නා කෙෂ්ත්‍රයේ උගතුන් වර්ථමානය වනවිට යම් නැග්මක් සඳහා කටයුතුකර ඇති අතර එය මෙම කෙෂ්ත්‍රයේ වටිනාකම දන්නා නොදන්නා සැමට අනාගත ආයෝජනයක් වේ.
මෙම වෛද්‍ය ක්‍රමය විධිමත් කිරීමට පෙලගැසුනේ මහජනතාවවත් රජයන්වත් නොවේ. එසේනම් කවුරුන්ද, ඒ දේශ හිත ජාති හිත උපේක්ෂාපූර්ණ ශාස්ත්‍රයේ කෙල පැමිණි උරැමකරුවන්ය නැතහොත් වෛද්‍ය සෘෂීන්ය. ඔවුන් අනාගත නම්‍යතාවන් මනැසින් දැක ඊට නිසි පළියම් යොදමින් කිසිදු නියාමනයක් නොමැතිව පැවැති අමිල ශාස්ත්‍රය නිසි නියාමනයකට යටත් කලහ. පාරම්පරික වෙදගුරුන් ඇසුරේ පැවැති ඔවුන්ගේම උරුමය වූ ශාස්ත්‍රය ශිකෂණයක් යටතේ හදාරා නිසි පරිචයක් ලැබිය හැකි යාන්ත්‍රණයකට සීමා කලෝය. ඒ අනාගත ස්වාර්ථීන්ගෙන් හා අවස්ථාවාදී අධිකාරීත්වයෙන් බේරා ඉත සිතින් මහජන ප්‍රයෝජනය සඳහාය.
මේ ශික්ෂණය සොරුන්ටත්, මූඩ උරුමක්කරුවන්ටත්, පලක අධිකාරීන්ටත් තම ස්වාර්ථයන් වෙනුවෙන් අවභාවිත කිරීමට බාධාවක් වූ අතර ගොත්‍රිකත්වය පමනක් දකින හුදු මහත් ප්‍රජාවට නොවැටහෙන නියමයකි. එබැවින් අතීත නිර්මාණ කරුවන්ගේ දැක්ම අනාගතයට ගෙනයා හැක්කේ මෙම කෙෂ්ත්‍රයේ උගතුන්ට හා දේශ හිත ජාති හිත මහජනතාවටත් පමණි.
වර්තමාන රාජ්‍ය දේශීය වෛද්‍ය සේවාව මේ වනවිට විශ්වවිද්‍යාල ශික්ෂණය ලැබූ වෛද්‍යනිලධාරීන් ඇසුරින් නියාමනය වන මට්ටමකට සංවර්ධනය වී ඇත. එසේම තවදුරටත් පාරම්පරික ඥානයේ සංයෝජනය හා අභාෂය සඳහා කීර්තිමත් වෙද පරම්පරා වල නියම උරුමකරුවන් ගෞරවනීය ලෙස මෙම සේවා යාන්ත්‍රණය සඳහා අන්තර්ග්‍රහණය කර ඇත. එසේම බලධාරීන්ගේ හා කලින් කලට සිටි පාලකයන්ගේ නිසි කලට අවශ්‍ය තීන්දු නොගැනීම හේතුවෙන් කෙෂ්ෂ වූ වර්තමානයට අනුචිත ශික්ෂණ යාන්ත්‍රණයක් හේතුවෙන් මෙම උත්තරීතර වූ සේවාව රාජ්‍ය අංශයෙන් බැහැරව අවභාවිත වෙමින් කළුකඩ මට්ටමට පැමිණ අහිංසක මහජනතාව මුලා කිරීමේ විශාල ජාවාරම් බවට පත්ව ඇත.
තත්වය උග්‍ර අතට හැරෙමින් පියවරෙන් පියවර සංවර්ධනය වෙමින් නැග ආ කෙෂ්ත්‍රය තවදුරටත් වල පල්ලට ඇද දමමින් පරිපාලන බලධාරීන්ගේ අවස්ථාවාදී උපක්‍රමයන් තුළින් රාජ්‍ය ප්‍රතිපත්තියක් දක්වා පුළුල් කිරීමේ තීරණ සඳහා පාලකයන් නොමඟ යැවීමට ආසන්න අඩියකට පැමින ඇතිබව ස්ථිරය. ඒ කීර්තිමත් පාරම්පරික උරුමකරුවන් සඳහා විවර වූ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් කූඨ ලෙස නුසුදුස්සන් රජයේ රෝහල් තුළට අන්තර්ග්‍රහණය කීරීමෙනි. මෙහි මූලික අත්හදා බැලීම බොරැල්ල ජාතික ආයුර්වේද (ශික්ෂණ) රෝහලට සත්‍ය පාරම්පරික උරුමයක් රහිත කැඩුම් මිඳුම් වෛද්‍යවරයෙකු යොමු කිරීමෙන් ඇරැඹි අතර අමාත්‍යවරයා පවා එය අවලංගු කරන ලෙස දැනුම් දී තිබිය දී නිලධාරීන්ගේ උවමනා මත තවදුරටත් රඳවා තබා ඇත.
නවතම පියවර වන්නේ ඒ ආකාරයෙන්ම සර්වාංග වෛද්‍ය අංශය සඳහා කොටසක් බඳවා ගැනීමට පිඹුරුපත් සැකසීමයි. අද වනවිට විශ්වවිද්‍යාල උපාධි සම්පූර්ණ කොට ලියාපදිංචිය ලබා පූර්ණ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් අවශ්‍ය තරමටත් වඩා රාජ්‍ය සේවයට එක්වීමේ අභිලාශයෙන් පුද්ගලික අංශයේ සේවයේ යෙදී සිටින අතර පවතින වෛද්‍ය හිඟය ඔවුන්ගෙන් සැපිරිය හැකිව තිබිය දී මේ සිදුවන්නේ සුදුස්සන් සඳහා පවතින උරුමය අහිමිකර මෙම සේවයේ නවීන පෙරලිය විකෘති කිරීමටයි. දේශීය වෛද්‍ය සේවාවේ ආයුර්වේද, සිද්ධ, යුනානි හා කීර්තිමත් පාරම්පරික වෛද්‍යවරුනි මෙම අඳුරු සෙවනැලි අතීතයේ පරාජය කළ අයුරින්ම නැවත පෙළ ගැසෙමු. නැතහොත් වසර පනස් හතක් තිසිසේ කෙෂ්ත්‍රය කාබාසිනියා කළ පරිපාලකයින් මෙය කැබිනට් සංදේශයක් දක්වා දක්කනු ඇත.
එවිට සත්‍ය සඳහා අරගල කිරීමට සිදුවනු ඇත.